English Literary Association

අප විද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ පුරෝගාමියා වන්නේ 2019 වසරේදී අප විද්‍යාලයට පැමිණි ඉංග්‍රීසි ගුරුතුමා වන සුරේෂ් ජයලත් ගුරුතුමාය. එතුමාගේ නවක සංකල්පයක් ලෙස 2022 වර්ෂයේ දී අප පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය සංගමය ආරම්භක කෙරුණි. 6 සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම සිසු සිසුවියන් මෙහි සාමාජිකයන් වේ.

 

ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ එක් ව්‍යාපෘතියක් ලෙස සෑම බදාදා දිනකම සාමාන්‍ය කතාබහේ දී සහ ගුරුවරු සමග කතාබහ කිරීමේ දී ඉංග්‍රීසි වචන යොදා ගැනීමට තීරණය කරන ලදී. එම දිනය English Day In Our School යනුවෙන් නම් කෙරුණි. පාසල තුල ඉංග්‍රීසි භාෂාවේ භාවිතය වැඩිදියුණු කිරිමට මෙයින් හැකි වී තිබේ. ඉංග්‍රීසි සාහිත්‍ය සංගමයේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස සෑම බදාදා දිනකම සිසුන් විසින් මෙහෙයවනු ලැබූ උදෑසන රැස්වීම සෑම මාසයකම පළමු බදාදා දින සම්පූර්ණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් මෙහෙයවීමට යෝජනා කෙරුණි. මෙය වඩාත් විධිමත්ව පවතවාගෙන යාම සදහා ඒ පිළිබඳ සොයා බැලීමට මෙම වසරේදී 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පසන් තීක්ෂණ සහ චිරංජි මේධාවිනී යන ශිෂ්‍යන් දෙදෙනා පත්කෙරුණි. සිසුනගේ ඉංග්‍රිසි දැනුම ඔප්නැංවීමට මෙම ව්‍යාපෘතිය හේතු වී ඇත.