නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
අ/පරංගියාවාඩිය විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. විනයානුකූල, යුක්තිගරුක, නීතියට ගරු කරණ යහපත් පෞපෞරුෂයකින් හෙබි පුද්ගලයකු සමාජයට දායාද කිරීම අපගේ ඒකායන පරමාර්ථය යි. තවද අප පාසලෙන් නික්මෙන දරුවා ගුණධර්ම වලින් යුක්ත පුරවැසියකු කිරීමට අපි කරන්නෙමු.
මනුෂ්‍යත්වයට ගරු කරන යහපත් පුරවැසියකු සමාජයට දායාද කිරීමට සහය වන ගුරුවරුන්ට ද, දෙමව්පියන් ඇතුළු අනෙකුත් සියලුම දෙනාට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරමි.
නියෝජ්‍ය විදුහල්පති,
අ/පරංගියාවාඩිය විද්‍යාලය